|
වළාකුළු බැම්ම |
මහනුවර නගරය
මැද ඇති වැව පුරාණයේ හැඳින්වූයේ කිරි මුහුද යනුවෙන් බව පුරාණ ලේඛනවලින් පෙනේ. ඒ
සම්බන්ධ ජනප්රරවාදය මෙසේය: වික්ර්මබාහු රජුගේ අණ පරිදි මෙම ස්ථානයේ කැනීම් කරන විට
හුලංගමුවේ ආචාරියා නම් දෛවඥයාගේ අනාවැකිය සැබෑ කරමින් කිරි ඉබ්බකු හමු විය. දැනට
ඇති වැවේ නැඟෙනහිර කෙළවර කුඩා පොකුණක් තනා මේ ඉබ්බාගේ වාසයට වෙන් කෙරිණි. ඊට පසු
එය කිරි මුහුද යනුවෙන් හඳුන්වන ලද අතර එම පොකුණ අසුවන සේ තැනූ වැවට ද ඒ නමම
යෙදිණි. කිරි මුහුද යන නාමයට රජු කැමැත්තක් දක්වා ඇත්තේ ඒ වන විට රට වටේ මුහුද
ඉංග්රී සීන්ට අයත් ව තිබූ නිසා රට තුළ මුහුදක් තැනවීමට තමන්ට හැකියාවක් ඇති බව
පෙන්නුම් කිරීමට වන්නටත් පුළුවන.
|
ජලතිලක මණ්ඩපය |
|
වළාකුළු බැම්ම |
වැව මැද කුඩා
දූපතක් ඇති අතර එය එදා හඳුන්වා ඇත්තේ
ජලතිලක මණ්ඩපය යනුවෙනි. එහි පිහිටි පාම් ගස්,
අරලිය,
දුනුකේ සහ වෙනත් මල් වර්ග දූපත අලංකාර කරයි. දූපතේ ඉදිකළ පැරණි ගොඩනැඟිලිවල
ගඩොල් අත්තිවාරම් සංස්කෘතික ත්රිෙකෝණයේ කැණීම් මඟින් තහවුරු කර තිබේ. වැවේ
නිර්මාතෘ වූ ශ්රීව වික්ර ම රාජසිංහ රජු එකල මෙහි විවේක සුවයෙන් කල්ගත කරන්නට ඇත.
රජුගේ නොසන්සුන් මනසට මෙම සුන්දර වටපිටාවෙන් මඳ සුවයක් හෝ ලැබෙන්නට ඇති බව නිසැක
ය. මෙය රජුගේ විවේක ස්ථානයක් විය. ශ්රී් වික්රඳම රාජසිංහ රජු විසින් සිය අවසාන
කාලයේ දී කිරි මුහුද ඉදිකිරීමට පෙර නගරයේ පැවැති ජලාශය වූයේ බෝගම්බර වැවයි. එය
නිර්මාණය වී තිබුණේ දුනුමඬලාව කඳුගැටයේ සිට ගලාගෙන එන ජල මාර්ගවලින් පෝෂණය වෙමිනි.
|
ජලතිලක මණ්ඩපය |
|
ජලතිලක මණ්ඩපය |
කිරි මුහුද
තනා නිම වුයේ 1812
දීය. දළදා
මැදුර සහ මල්වතු විහාරය අතර තිබූ තිගොල්වෙල නම් කුඹුරු යාය හරහා බැම්මක් බැඳීමෙන්
හෙක්ටයාර 18
ක
විශාලත්වයෙන් යුත් නුවර වැව ඉදිකෙරිණි.
වැව වටා යන
අලංකාර බැම්ම වලාකුළුවල ආකාරයෙන් තනා ඇති නිසා එය වලාකුළු බැම්ම නම් විය. මෙම
ප්රාමකාරයේ පහන් දැල්වීම සඳහා කුඩා කවුළු තබා ඇත. මෙම ප්රාිකාරය නිසා වැවට ලැබුණේ
ආකර්ෂණීය පෙනුමකි. එය අදටත් දැකගත හැකිය.
|
ජලතිලක මණ්ඩපය |
|
ජලතිලක මණ්ඩපය |
වැව ඉදිකර
තිබෙන්නේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මත බව පැවසේ. ඔහු
පත්තිරිප්පුව ඉදිකළ සමයේ දී ම මෙය ද ආරම්භ කර ඇත. මෙයට විරුද්ධව මහජන මතයක් ඇති
විය. එක් රාත්රිේයක අති දක්ෂ නිර්මාණ ශිල්පියකු වූ මූලාචාරිතුමා තමා විසින්ම
නිර්මාණය කළ වැවේ ගිල්වා මරන ලදී. තම දක්ෂ මූලාචාරියා මරා දැමූ සාහසිකයන් සොයා
ගැනීමට නොහැකි වූ රජතුමා මහත් සේ උදහස් විය. ඒ අතර සිල්වත් භික්ෂු නමක් පැමිණ
රජුගේ කෝපය සංසිඳවූයේ මේ වැව තැනීමට පෙර මෙහි වෙල්යායේ සිටි දහස් ගණන් කටුස්සන් –
හිකනලුන් සහ කක්කුට්ටන් වැව සෑදූ විට දියේ
ගිලී මැරුණු නිසා උදහස් වූ දෙවිවරුන් මූලාචාරියාට දඬුවම් කළ බව පවසමිනි.
No comments:
Post a Comment