නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Wednesday, December 19, 2012

දඹකොළ පටුන - Dambakola Patuna

 පේදුරුතුඩුවේසිට චාවකච්ෙච්රිය දක්‌වා ගමන් ගන්නා බී - 75 මාර්ගයේ කීරමලේ පසු කරමින් කිලෝමීටර් හතක්‌ පමණ ගමන් කළ විට දඹකොපටුනට ළඟාවිය හැකිය.


 සිංහල ඉතිහාසයේ වැදගත් සිදුවීමකට මුල්වූ බිම ලෙස දඹකොල පටුන හඳුනාගත හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවත්, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණි සංගයා මෙරටට වැඩම කළ ස්‌ථානය දඹකොළ පටුන වීම එකී වැදගත්කමයි. දඹකොළ පටුවේ සංඝමිත් ප්‍රතිමාව එකී අතීත කතාව අපට සිහිපත් කරයි.

 “ලංකේෂ්වර නරේන්ද්‍ර තෙම ප්‍රීති වාක්‍යපවත්වමින් ග්‍රීවය පමනට ජලයට බැස සොලොස් කුල ජනයන් සමග මහා බෝධිය හිසින් දරා ගෙන වෙරළට නගා ගෙන ඒ අත්භුතය ප්‍රකාෂ කරනු පිණිස ඒ ස්ථානයන්හී දි කරන ලද යහපත් සමුද්‍ර සාලා මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුවේ ය. නරේන්ද්‍ර තෙම තමන්ගේ රාජ්‍ය සොලොස් කුල ජනයන්ට පමුණුවා තමා දොරටුපාල තන්හි සිට තුන් දිනක් එහි ම නානාවිධ පුජා කලේය. කාරණයේ නුවනැත්තා වු නරේන්ද්‍ර තෙම දස වක් දවස් හි මහා බෝධිය යහපත් වු රථයකින් වඩා ගෙන නොයෙකුත් පූජා පවත්වමින් අනුරාධපුර නගරයට වැඩ ම කරවුයේය. ———— “ මහා වංශය දහ නව වන පරිච්ඡේදය

 බුදුරජාණන් වහන්සේගේ ආත්ම විමුක්‌තියේ විජයග්‍රහණය මුළු ලොවටම ප්‍රදර්ශනය කරන සංකේතය ලෙස ජයශ්‍රී මහ බෝධින් වහන්සේ බෞද්ධ ජනයාට හඳුනාගත හැකිය. වර්තමානයේ සිම්බිල්තුරෙහි යනුවෙන් මෙම ප්‍රදේශය හඳුන්වයි. අනුරපුරයේ සිට පැමිණි ප්‍රධාන අතීත මාවත අවසන් වන්නේ මෙම ස්‌ථානයෙනි. එනිසා මෙම ස්‌ථානය අතීත හුවමාරු වාරයක්‌ තිබි ස්‌ථානයක්‌ වශයෙන් සැලකේ.




No comments:

Post a Comment