නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.
Sunday, June 30, 2013
Saturday, June 29, 2013
Thursday, June 27, 2013
Monday, June 24, 2013
Wednesday, June 19, 2013
Sandakadapahana at Anuradhapura - අනුරාධපුරයේ සඳකඩපහණ
සඳකඩපහණේ ඓතිහාසික පසුබිම
කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.
මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත.
"අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.
අනුරාධපුර යුගයේ සඳකඩපහණ
අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම විශෙෂ ලක්‍ෂණයකි.
විහරදොරටුවක් ආශ්‍රිතව පියගැට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.
අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.
Sandakadapahana at Anuradhapura - අනුරාධපුරයේ සඳකඩපහණ
සඳකඩපහණේ
ඓතිහාසික පසුබිම
කැටයම් කලාව
යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ
හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය
ස්ථානයකි.
පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය.
මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත.
"අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය.
එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි.
අනුරාධපුර යුගයේ සඳකඩපහණ
අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම විශෙෂ ලක්‍ෂණයකි.
විහරදොරටුවක් ආශ්‍රිතව පියගැට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත.
අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය.
Subscribe to:
Posts (Atom)