නොදුටු ස්ථාන සොයා යමින් ඒවා පිළිබඳ තොරතුරු සොයා බැලීමේ පුරුද්ද මිනිසාට ඇති වූයේ අද ඊයේ නොවේ. එයට ඇත්තේ මිනිසාගේ සම්භවයට තරම් ඉපැරණි අතීතයකි. ගවේෂණය වූ කලී මිනිසාගේ ජානවල තැන්පත් වූවකි. එබැවින් මේ පුරුද්ද අද ද මිනිසා තුළ දක්නට ලැබෙන්නකි. වර්තමාන සමාජය තුළ බොහෝ දෙනෙකු සංචාරයෙහි නොයෙදෙන්නේ ඊට ඇති අකැමැත්ත නිසා නොව ආර්ථික ගැටළු නිසාය. දේශීය වශයෙන් සංචාරයෙහි යෙදෙන්නට ද සෑහෙන මුදලක් වෙන් කළ යුතුය. නමුත් පවතින ආර්ථික ගැටළු ඉදිරියේ මෙය බොහෝ විට කළ නොහැක්කක් සේ පෙනේ. එහෙත් නොගොසින් නොසිටිය හැකි තැන් අප රටේ බොහෝ වෙයි. මියෙන්නට පෙර වරක් හෝ මේවා දැකබලා ගතයුතුය. ඒකාකාරී ජීවිතයෙන් මිදී මානසික ආතතිය අවම කරගැනීමට ද සංචාරය කිරීම මහඟු අත්වැලක් සපයයි. එසේ හෙයින් අපහසුවෙන් හෝ මුදල් සොයා මේවා බලන්නට අවස්ථාව සළසා ගතයුතුය. එසේ දැකබලා ස්ථාන පිළිබඳ සෙස්සන් දැනුවත් කිරීම තුළින් ඔවුන් තුළ ද සංචාරය කිරීමේ පුරුද්ද වගා කළ හැකිය. මේ සරල බ්ලොග් අඩවිය නිර්මාණ කළේ ඒ අරමුණිනි. අපගේ සංචාරක කණ්ඩායම සිරිලක සැරූ විවිධ ස්ථාන පිළිබඳ හැකිතාක් ඡායාරූප සහිතව මෙහි පළකරන්නේ ඔබගේ ද සංචාරක පිපාසාව තරමකට හෝ සංසිඳවීමේ අපේක්ෂාවෙනි. මේ ව්‍යායාමය පිළිබඳ ඔබගේ නොමසුරු අදහස් ද ලැබෙන්නට සළස්වන්නේ නම් අය අපව තවත් ධෛර්යවත් කරන්නකි. ඔබට ද සිරිලක පමණක් නොව මේ නිම්වළල්ලෙන් ඔබ්බට ද සංචාරයේ කරන්නට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

Sunday, January 27, 2013

පලාබද්දල පාරෙන් සිරිපා වන්දනාවේ ගියෙමු -To Siripada Peak via Palabathgala Trail

පලාබද්දල විහාරය



සිරිපා කරුණා කිරීම සදහා ප්‍රධාන වශයෙන්ම මාර්ග 4ක් තිබේ. ඒවා නම් රත්නපුර බලාබද්ද මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, හැටන් මාර්ගය හා දැරණියගල මාර්ගය වේ. මේ අතුරින් පහසුතම හා ඉක්මන් මාර්ගය වන්නේ හැටන් වන අතර දුෂ්කරතම මාර්ගය වන්නේ දැරණිගල මාර්ගයයි. එබැවින් වැඩිදෙනෙකු සිරිපා කරැණාකරන්නට යොදාගන්නේ හැටන් මාර්ගය වේ. හැටන් හා කුරුවිට එරත්න මාර්ග ඔස්සේ සිරිපා කරුණාකොට තිබූ බැවින් මෙවර සිරිපා කරුණා කරන්නට රත්නපුර පලාබද්දල මාර්ගය තෝරාගන්නට අප තීරණය කළෙමු.  නිශ්ශංකමල්ල රජු ඇතුළු විවිධ රජදරුවන් සිරිපා වන්දනාවේ ගියේ මෙම මාර්ගයේ බැවින් මෙය රජ මාවත යනුවෙන් ද නම්කොට තිබේ. එරත්න මාර්ගය මෙන්ම පලාබද්දල මාර්ගය ද ස්වභාව සෞන්දර්යය අතින් අනූනය.


පලාබද්දල විහාරය

පලාබද්දල විහාරය




අපගේ නඩය නව දෙනෙකුගෙන් යුක්ත වූ අතර එහි කිරි කෝඩු දෙදෙනකු ද දඩුකෝඩු තිදෙනෙක්ද විය. කෝඩුකරුවන්ගේ ආරක්ෂාව පිණිස පලාබද්දල විහාරස්ථානයේ දී බුදුන් වැද එහි සමන් දෙවොලේ කපු මහතාගෙන් පඩුරු ද බැද සවස 2.30ට පමණ සිරිපා කරුණා කරන්නට පටන් ගතිමු.  පවනැල්ල නම් අවසාන ගම ද පසු කරමින් අප සිරිපා අඩවියට නැතහොත් දෙයියන්නේ රටට ඇතුලු වුණෙමු. ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දහඩිය මතින් ගොඩනැගුණු සිමෙන්ති පඩි නිසා අපගේ ගමන තවත් පහසු කරවීය. පඩි දහසින් දහස සළකුණු කොට තිබීම නිසා අපගේ සිරිපා වන්දනාව පිළිබද අපතුල පෙර නොදැනුණු හැගීමක් ද ඇතිවිය. 



පවනැල්ල - අවසන් ගම්මානය


සිරිපා මාර්ගයේ විශේෂයෙන් හමුවන ස්ථාන කිහිපයක්ම වේ. කොකටිය කන්ද, ළිහිණිහෙළ, කටුකිතුල වංගුව, ගජමන්සල, මෑල්ල මළ කදුර, ගැටනෙතුළ, ගෙත්තම්පාන, හැරමිටිපාන, ගල්වංගෙඩිය, ආඩියාමළ තැන්න මේ අතුරින් විශේෂය. ළිහිණිහෙල යනු කිසි විටෙක අමතක නොවන ස්ථානයකි. අතීතයේදී ළිහිණි නමැති කාන්තාවක් මෙම හෙළින් පහළට වැටී මිය ගොස් ඇති බවට විශ්වාසයක් පවතී. මේ කතාව පිළිබද දන්නා සියලු දෙනා මෙතැනින් ගමන් කරද්දී ‘ළිහිණි අක්කේ‘ යැයි ඇයම අමතා යන්නට මදක් නතර වෙති. එවිට ඈත කදුවල වැදී අපගේ හඩේම දෝංකාරය යළි අපටම ඇසේ. 



ළිහිණිහෙළ අම්බලම


ළිහිණිහෙළ

කටුකිතුල වංගුවට හිරු බැස යන අයුරු


කටුකිතුල් බහුල වශයෙන් දක්නට ලැබෙන පෙදෙසක පිහිටා කටුකිතුල වංගුවද සුවිශේෂී ස්ථානයකි. එහිද කුඩා අම්බලමක් ඇති අතර බුදුමැදුරක් ද දක්නට ලැබේ. එහි මදක් නැවතුණු අපි කෝපි පානය කළෙමු. හිරු බැස යන දසුන මෙතැනට ඉතා මනරම් ව දිස්වේ. 


ගැටනෙතුල


කටුකිතුල වංගුව බුදු මැදුර


මෑල්ලමළකදුර

දොලොස්මහේ මහේ පහණ

සිරිපා මළුවට කරුණාකරනා සැදැහැවතුන් තමන් පැමිණි වාරගණන සටහන් කරන්නේ මේ ඝණ්ටා හැඩවීමෙනි

සිරිපතුල නමදින්නට සැදැහයෙන් පෙළ ගැසී ඇති සැදැහැවතුන්

ඇහැළ කණුව


ඇහැළ කණුව හමුවන්නේ මේ අතරතුරේය. මළුවට නැගීමට පෙර අතීත වන්දනාකරුවන් පිරුවට හැද පිරිසිදුවන්නට යොදාගත්තේ මෙම ස්ථානයයි. නමුත් අද එවැනි සිරිතක් ක්‍රියාත්මක වන බව නම් පෙනෙන්ට නැත.

ඇහැළ කණුව

ආඩිමළතැන්නට සිරිපා මළුව පෙනෙන අයුරු


සිරිපා මළුවට කරුණා කරන්නට පෙර අවසන් වරට හමුවන්නේ ආඩියාමළතැන්නේ ඇති අම්බලමයි. ඉන්පසු අහස්ගව්ව, මහගිරිදඹ පසුකරමින් සිරිපා මළුව කරුණා කිරීමේ අවසන් අදියරට එළැඹේ. 


ආඩිමළතැන්නට සිරිපා මළුව පෙනෙන අයුරු

බෑන සමනල

කුණු දිය පර්වතය

කුණු දිය පර්වතය

අතීතයේ සිරිපා කරුණාකරන්නට යොදා ගත් යකඩ ඉණිමගක්

මකර තොරණ

ගල්වංගෙඩිය

ගල්වංගෙඩිය

රත්නපුර හා එරත්න මාර්ග ගල්වංගෙඩිය අසළදී හමුවෙයි.




හැරමිටි පාන යනුවෙන් විශ්වාස කරන්නේ අතීතයේ බුදුන් වහන්සේට යම්කිසි තැනැත්තෙක් හැරමිටියක් පූජාකළ ස්ථානයයි. මෙතැනට සිරිපා මළුව හොදින් දිස්වේ. ‘මළුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ‘ යනුවෙන් ගීතයකින් ද කියැවෙන පරිදි මෙහි නැවතී යන්නට තරම් විශාල අම්බලමක් ද පිහිටා තිබේ. 


ධර්මරාජ ගල




ගජමන් සල යනුවෙන් හැදින්වෙන්නේ පුරාණ කිවිදියක වූ ගජමන් නෝනා විසින් කරවන ලද අම්බලම පැවති ස්ථානය යැයි විශ්වාස කෙරේ. අදද එහි බිත්තිවල නටබුන් දක්නට ලැබේ. 





බුදුන් වහන්සේ සිය සිවුර මසාගත් ස්ථානය ලෙස ප්‍රකටව ඇත්තේ ගෙත්තම් පානයි. කෝඩුවේ යන සියලු දෙනා ඉදිකට්ටක නූලක් අමුණා මෙහි අමුණා ඇති සෙසු නූල් අතරින් ගමන් කරවයි. එයින් සංකේතවක් කෙරෙන්නේ අතීතයේ දිනෙක බුදුන් වහන්සේ සිවුර මසාගත් අවස්ථාවයි. එහි ඇති සීත දියපහරින් සිරුරු දෝවනය කොට පිරිසිදු වන සියලු දෙනා යළිත් සිරිපා මලුව කරා කරුණාකරන්නට පටන් ගනී.


ගජමන් අම්බලමේ නටබුන්

කලුගග ආරම්භක ස්ථානය

ඉපැරණි පඩි අදටත් ඉතිරිව තිබේ

අතීතයේ සිරිපා කරුණා කරන්නට දම්වැල් සවිකොට තිබූ යනඩ කණුවක්

No comments:

Post a Comment