අපි අනුරාධපුරේ ගිය වෙලාවේ මේක දැක්කේ
අහම්බෙන්. අමුතු ගල් කණුවක හින්දා මම නිකමට මේක කැමරාවට අල්ලගත්තේ. පස්සේ තමයි
විස්තරේ හොයාගත්තේ. මේ තමයි ඒ විස්තරේ.
රුවන්මැලි මහා සෑයේ උතුරු දොරටුව අසල
අටපට්ටම් සෙල් ටැඹක් දක්නට ලැබෙනවා. අඩක් බිඳීගොස් ඇති එය දැනට පවත්නා කොටස අඩි
20යි අඟල් 4ක් උසින් යුක්තයි. මෙම නිර්මාණය පිළිබඳ විවිධ උගතුන් විවිධ අදහස් දක්වා
ඇති අතර ඉන් එක් මතයක් වන්නේ මෙය ‛ඉන්ද්‍රඛීලය’ බවයි.
ඉන්ද්‍රඛීලය තුළින් බුදුන් වහන්සේ සතු අටලෝ දහම අභියස අකම්පිතවීම නිරූපණය වෙනවා.
පොතක තිබිලා තමයි මේ විස්තරේ ගත්තේ. මීට
අමතරව මට තවම කිසි විස්තරයක් මේ ගැන හම්බවුණේ නැහැ. හම්බවුණොත් මේ විස්තරේ
යවත්කාලීන කරන්නම්.
මම නම් මේ ටැ ගැන දැන ගත්තේ මේ ලිපියෙන්.
ReplyDeleteලංකාවේ නිදහස් චින්තකයන්ගෙ පොරම් වෙබ් අඩවියට පිවිසෙන්න
මටත් පොතක තිබිලා මේ විස්තරය අහුනොවෙන්න මේක අනුරාධපුරේ ෆොටෝ එකතුවේ නොදන්න පින්තූරයක් විදියටම තියෙන්න තිබුණා.
DeleteMe tharam aanuradhapure gihin thiyena mama tahwama meka dakala naha ne.
ReplyDeleteආයෙත් ගිය වෙලාවක නොවරදවාම බලන්න
Delete