යක්දෙස්සාගල යනු අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම භූවිෂමතා ලක්ෂණ අතින් ද ඉතා වැදගත් ස්ථානයක් ලෙස සඳහන් කළ හැකිය. මෙය පරිසර හිතකාමීන් සහ සොබා දහම විඳින්නන් අතර ඉතා ප්‍රකට ස්ථානයක් වුව ද සාමාන්‍ය ජනතාව මේ පිළිබදව කතා කරන්නට පටන් ගත්තේ පසුගිය දිනෙක දැරියක පැහැරගෙන නිධානයක් ගැනීම සඳහා බිලිදීමට ඇය යක්දෙස්සාගලට රැගෙන ගිය බවට පළ වූ පුවත් නිසාවෙනි. එම සිදුවීම කෙමෙන් යටපත් වී ගිය ද යක්දෙස්සාගල සමඟ බැඳුණු විවිධ ජනප්‍රවාද, පුරාවෘත්ත, පාරිසරික හා භූගෝලීය කරුණු බොහෝ පවතින බැවින් ඒ පිළිබඳම කතා කිරීම මැනැවැයි සිතිණි.
අඩි 495ක් උන්නතාංශයකින් යුක්ත යක්දෙස්සාගල යනු වයඹ පළාතේ පිහිටි උසින් දෙවැනි තැන ගන්නා කඳු මුදුනයි. සංචාරකයන්ගේ සිත බැඳගත් ස්ථානයක් වුවද මෙය තරණය කිරීමට තරමක් අපහසුය. මෙහි ඉතිහාස ගත පුවත කුවේණිය හා බැඳුනකි. විජය රජු විසින් පළවා හරින ලද කුවේණිය මෙම කඳු මදුනේ සිට ඔහුට ශාප කොට මෙයින් පැන දිවි නසාගත් බවට ජනප්රවාදයේ පැවසෙයි. ‛යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක්’ ශාප කළ ස්ථානය යන අරුතින් මෙයට ‛යක්දෙස්සාගල’ යනුවෙන් නම් තැබී යැයි යැයි පැවසේ. විජය රජුගෙන් සිදුවූ අසාධාරණය නිසා කුවේණිය අඳෝනා තබා ඇත්තේ මෙතැන පමණක් නොවේ. පුත්තලම පාරේ ආණමඩුව පසු කළ විට ‛තෝනිගල’ නමින් කන්දක් හමුවේ. කුවේණිය මෙහිදී ද ලතෝනි ලැබුවේ යැයි පැවසෙන අතර, එබැවින් එකල එය ‛ලතෝනි ගල’ යනුවෙන් නම් තැබුණත්, පසුව ව්‍යවහාරයේ පහසුවට ‛තෝනිගල’ නම් වූයේ යැයි පැවසේ.
තවත් ජනප්රවාදයකින් පැවසනේනේ කුවේණියකගේ ඇස් මෙහි නිධන් කොට ඇතිබවය. එබැවින් අතීතයේ ‛යක්ඇස්සාගල’ ලෙස හඳුන්වනු ලැබූ මෙය පසුව ‛යක්දෙස්සාගල’ වී යැයි පැවසේ.
ඇතැම් ඉතිහාස කතා ප්‍රවෘත්තීන්වල සඳහන් වන අන්දමට යක්දෙස්සාගල දී කුවේණිය සිය දිවි නසාගෙන නැත. සිදුව ඇත්තේ ජාතිය පාවාදීමේ වරදට දඬුවමක් වශයෙන් යක්ෂ ගෝත්‍රික නායකයකු විසින් කුවේණියකගේ දිව කපා එක් අතුල් පහරකින් ඇය මරණයට පත්කොට යක්දෙස්සාගලින් පහළට දැමූ බවය.
ශ්‍රී ලංකාවේ ඉපැරණි ග්‍රාම නාම සහිත් පොතක් වූ නම් පොතේ ද යක්දෙස්සාගල ස්ථාන නාමයක් ලෙස සඳහන්ව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු ඓතිහාසික වාර්තා අතර ද යක්දෙස්සාගල පිළිබඳව සඳහන්ව තිබේ. සුදන්තක බී විජේතුංග විසින් ‛ගයිගර් දුටු ලංකාව’නමින් පරිවර්තනය කරන ලද මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ Ceylon Tagebuchblatter and Reiseerinner Ungen කෘතියෙහි කුරුණෑගල පිළිබඳ කරන විස්තරයෙහි ද යක්දෙස්සාගල පිළිබඳ සඳහන් වේ.
Playtech | Online casino | | Kadang Pintar
ReplyDeletePlaytech offers a wide range kadangpintar of gaming products and 1xbet korean services and has consistently concentrated on 바카라 사이트 developing games to a high-quality market.